Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව ව්‍යාපෘති

සේවාදායකය
නාගරික සංවර්ධන හා පුජා භුමි සංවර්ධන අමාත්‍යාංශය
උපදේශය


හම්බන්තොට ව්‍යාපෘති කළමනාකරණ ඒකකය
නාගරික සංවර්ධන අධිකාරිය
වැඩ දායකත්ව‍ය තෝරාගත් ජාත්‍යන්තර සංස්ථාව
අදියර 1
ආසන 1500කින් සමන්විත සම්ම්න්ත්‍රණ ශාලාව
ඇ.ඩො. මිලියන 6.0
වැඩබිම් ප්‍රමාණය කොරියානු රජයේ අනුග්‍රහය
ව.මී. 112,030.19 ( 27.67 A) අදියර 2
ගොඩනැගිල්ලේ වට ප්‍රමාණය ශ්‍රී ලංකා රජය
ව.මී. 8,081.42 රැස්විම් ශාලා, ප්‍රධාන රැස්විම් ශාලා හා අනෙකුත් පහසුකම්
බිම් ප්‍රමාණය ඇ.ඩො. මිලියන 9.3
ව.මී. 15,281.66 කොන්ත්‍රාත්කරු ඩෙබෝ
කොන්ත්‍රාත් කාලය
ඉංජිනේරු සහ අනෙකුත් සමාගම
මාස 20ක් 2009 පෙබරවාරි 18 සිට 2010 ඔක්තෝම්බර් 18 දක්වා (කොරියාව)



පිහිටිම :
සිරිබෝපුර, හම්බන්තොට
ව්‍යාපෘති වියදම :
ඇ.ඩො. මිලියන 20.375
දලබිම් ප්‍රමාණය :
අක්කර 67
වැඩ බිම් ප්‍රමාණය :
ව.මී. 26,308.34
කොන්ත්‍රාත් කාලය :
මාස 24
ආරම්භය :
2007 ඔක්. 15
සේවාදායකයා :
නාගරික සංවර්ධන හා පුජා භුමි සංවර්ධන අමාත්‍යාංශය
ප්‍රධාන ගොඩනැගිල්ල ව.මී. 17,968.76
:
නාගරික සංවර්ධන අධිකාරිය
නගර සභා ගොඩනැගිල්ල ව.මී. 960.55 කොන්ත්‍රාත්තුවේ ස්වභාවය :
සැලසුම් ගත ඉදිකිරීම්
මහජන පුස්තකාල ගොඩනැගිල්ල ව.මී. 2,078.53 මුල්‍ය සම්පාදනය :
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සහඋපදේශය HPP, KCI
රථ ගාල (විශාල) ව.මී. 648.00 උපදේශය :
PMU
කුඩා රථ ගාල ව.මී. 260.00 කොන්ත්‍රාත්කරු :
නියන් ගැට් සමාගම
නවාතැන් ඒකක ව.මී. 129.30

රියදුරු කාමරය ව.මී.120.00

ශ්‍රී ලංකා රජය විසින් 2000 වසරේ ජූලි මස ලුනාව පරිසර ප්‍රවර්ධන හා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ජපන් රජයේ මූල්‍ය දායකත්වය සඳහා හදුන්වා දෙන ලදි. මෙම හදුන්වා දෙන ලැබු ව්‍යාපෘතිය දකුණු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර ලුනාව ඇල හා සම්බන්ධ කාණු පද්ධතිය දෙහිවල/ ගල්කිස්ස නගර සභාවේ උතුරු ප්‍රදේශ‍යේ සිට මොරටුව නගර සභාවේ දකුණු දක්වා විහිදී ඇත.

ශ්‍රී ලංකා රජය සහ ජපන් ජාත්‍යාන්තර සහයෝගිතා බැංකුව අතර ණය ගිවිසුම 2001 දෙසැම්බර් මස අත්සන් කිරීමෙන් අනතුරුව 2002 වසරේ සිට වසර 8ක කාලයක් දක්වා ලුනාව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදි. ජපන් ජාත්‍යාන්තර සහයෝගිතා ගිවිසුමේ මූල්‍යම දායකත්වය සමග නාගරික සංවර්ධන හා පුඡාභුමි සංවර්ධන අමාත්‍යාංශය සමග මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි. මෙම ව්‍යාපෘති‍්යේ මූලික අරමුණ වනුයේ මොරටුව දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා සීමාවන් තුල පිහිටි ලූනාව ඇල හා ඒ ආශ්‍රිරත ඇල මාර්ග, කාණු පද්ධතීන් සංවර්ධනය කිරීම මගින් ප්‍රදේශයේ උග්‍ර ගැටළුවක් වන ජලයෙන් යටවීම අවම කිරීම සහ ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට සහය වීමකි.

ශ්‍රී ලංකාවේ ග්‍රාමිය ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශය සංවර්ධනය කෙරෙහි වගකියනු ලබන රාජ්‍ය ආයතන වනුයේ නාගරික සංවර්ධන හා පුජා භුමි සංවර්ධන අමාත්‍යාංශය ය‍ටතේ එන ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශයයි. ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක අංශය ලෝක බැංකුව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජපාන බැංකුව නර්ෂක -ශ්‍රී ලංකා රජය සහ ප්‍රතිලාභින්ගේ මුල්‍ය දායකත්වය ඇතිව දිස්ත්‍රික්ක 13ක විශාල පරිමාණයේ ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති 2ක් ක්‍රියාත්මක කිරීමට භාරගෙන ඇති. මෙම ව්‍යාපෘති සැලසුම් කර ඇත්තේ බිමට සුදුසු ජලය සනීපාරක්ෂාව සෞඛ්‍ය අධ්‍යයනය හා පාරිසරික වැඩසටහනක් වැනි ප්‍රතිලාභ ඉලක්ක ප්‍රජාවට ලබා දීමේ සහ ඔවුන් සමාජ ආර්ථික හා සංස්කෘතික අංශයක් වෙත යොමු කරවීමේ අරමුණ ඇති විය.මෙම ඒකාබද්ධ ප්‍රවේශය මීට පෙර පළමු ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේද භාවිතා කොට ඉතා සාර්ථක බව සොයාගෙන ඇති. එම නියමු ව්‍යාපෘතිය ලෝක බැංකුව මගින් ලොව වටා ක්‍රියාත්මක වු ව්‍යා පෘතිය ලෙස නම් කරන ලදී. පළමු ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය හරහා අත්හදා බැලු මෙම නවමු ප්‍රවේශය පාදක කොට ගනිමින්ද ජාතික ග්‍රාමිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිපත්තිය සකස් කරන ලද අතර එය දැන් රට පුරා ක්‍රියාකරකම් කෙරෙමින් පවතියි.

අරමුණ

ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ සමස්ත අරමුණ වනුයේ සුරක්ෂිත පානීය ජලය ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සෞඛ්‍ය පුරුදු පරිසර සංරක්ෂනය සහ ආර්ථිකල සමාජ‍යීය ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය තුළින් ග්‍රාමීය සහ වතු ප්‍රජාවගේ දරිද්‍රතාවය අවම කොට ජීවන තත්ත්වය ඉහළ නැංවීම

පසුගිය දශක 03ක කාලය තුල කොළඹ නගරය විශාලත්වයෙන් වැඩි වු අතර, කොළඹ වාණිජ පුරවරය කොටස වෙළඳ හා වාණිජ කටයුතු තීව්‍රතාවයෙන් වැඩි වී ඇති අතරම, ජනගහනයද වැඩී වි ඇත. මෙම ප්‍රවණතාවයන් නිසා මෙම ප්‍රදේශයේ මාර්ගවල රථවාහන තදබදය අධික වී ඇත. මෙම තීව්‍ර නාගරීකරණය හා සමගාමීව සේවා ය‍ටිතල පහසුකම් වැඩි වී නොමැති නිසා, ජීවත් වන පරිසරයේ ගුණාත්මක භාවය බරපතල ලෙස පහත වැටී ඇති අතර, මෙය පාලනය කිරීමේ එක් මාර්ගයක් ලෙස නාගරික ක්‍රියාකාරකම් මනාව පිළියෙලවුණු යහපත් පරිසරයක සුදුසු පරිදි සැකසු නගර මධ්‍යස්ථාන වලට ව්‍යාප්ත කළ යුතුය.

 

නගරයේ පැතිරීම පාලනය කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස නව නගර හෝ පාර්ශවික නගර සංවර්ධනය භාවිතා කරනු ලබයි. කොළඹ නගරයේ පැතිරීම සලකා බලන විට මෙවැනි නව නගර පිහිටවීම මගින් ප්‍රධාන නගරය ප්‍රතිව්‍යුහගත කරමින්, ඒක කේන්ද්‍රීය නගරය වෙනුවට බහු කෙන්ද්‍රීය සංවර්ධන කරා යොමුවිය හැක. වැඩි වන ජනගහනය මේ ආකාරයෙන් සංවර්ධනය කරනු ලැබු නව නගර හෝ පාර්ශවික නගරවල පදිංචි කරවීමෙන් අනතුරුව, ප්‍රධාන නගරය ව‍ඩා වැඩි තීව්‍රතාවයකින් යුත් ධරණිය සංවර්ධනයකට ලක් කළ හැක. මෙවැනි පැහැදිලි උපාය මාර්ගයක් ඇති විට, අළුතින් සංවර්ධනය කිරිමට හඳුනාගත් නගර තෝරාගත් සංවර්ධනයකට සීමා කරමින් සුදුසු මනරම් පරිසරයක් බිහිකර ගැනීමට හැකිවනු ඇත.

පිටත වට රවුම් පාර යනු කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සහ දකුණු ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘති යා කෙරෙන අර්ධකවාකාර ප්‍රධාන මාර්ගයකි. මෙය නගර මධ්‍යයේ සිට කි.මි.10-15 පමණ දුරින් පිහිටා ඇති අතර, දළ වශයෙන් කි.මිටර් 29කි. මෙම මාර්ගය කොළඹ නගරයේ වාහන තදබදය අඩු කිරීමට හේතුවන විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැක.

පි‍ටත වට රවුම් පාර අධිවේගි මාර්ග හරහා ගමන් කරන ස්ථාන කේන්ද්‍රිත කොට ගනිමින් ඒ ආශ්‍රිත ද්වීතික නගර සංවර්ධනයට සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම මගින් මෙම මාර්ග ගමනාගමනයට විවෘත කරමින් ආදායම් ඉපිදවිය හැක. සැලසුම් කර ඇති පිටත වටරවුම් පාර ප්‍රධාන මහා මාර්ග කීපයක් ඡේදනය කරයි. එමනිසා නගර නිර්මාණයට සුදුසු ස්ථාන 06ක් යෝජිත අතර, ඒවා සියල්ල සීඝ්‍රයෙන් වර්ධනය වන නාගරික මධ්‍යස්ථාන වලට යාබදව පවතී. එය මෙම මාර්ගයේ රථවාහන ගමනාගමනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. මෙමගින් තෝරාගත් ස්ථාන වල ඉදිකෙරෙන ද්වීතීක නගරයන් හා නව අවස්ථා සහ සංවර්ධනයක් අපේක්ෂා කළ හැක.

එම නිසා නාගරික සංවර්ධන‍ හා පුජා භූමි සංවර්ධන අමාත්‍යාංශය මෙවැනි ප්‍රධාන උප නගර 03ක් හදුනාගත් ඇත. ඒවා නම් කොට්ටාව, කඩවත සහ කඩුවෙල වන අතර, ඒ සියල්ල ඉහත සඳහන් කළ වටරවුම් පාර අනෙකුත් ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන ලක්ෂයන් වන අතර, සුදුසු සැලසුම්කරණය හා ජලය, විදුලිය, මාර්ග මලාපහනය සහ ජලාවහනය වැනි අත්‍යව්ශ්‍ය යටිතල පහසුකම් සැලසීම මගින් මෙම නගර නව්‍ය, සමෘධිමත් නගර බවට පත්වනු ඇත.

නගර සංවර්ධනය හා ප්‍රධාන මහා මාර්ගයක ඒකාබද්ධ කිරීම ශ්‍රී ලංකාව තුල පළමු වරට සිදු කරන්නා වු සංවර්ධනයකි. දැනටමත් සම්පත් හිඟ බැවින් පීඩා විඳින රාජ්‍ය ආයතනයන්ට මෙවැනි නව නගර සංවර්ධන කාර්යයක් තනිව කරගෙන යාමට නොහැකිය. මෙම කාර්යයන් හුදෙක් කළාප සිතියම් පිළියෙල කිරීමකට ඔබ්බට ගොස් දේපළ වෙළඳ පොළට සේවා සැපයු ඉඩම් කැබලි ලබා දීමද අපේක්ෂා කරන බැවින් මෙම සීමාකාරී බව තදින් බලපායි. එහෙයින් මෙවැනි කාර්යයකදී පෞද්ගලික අංශය උපදේශක ‍ම‍ට්ටමින් සහභාගි කරවා ගැනීමට වැදගත්ය.

මෙවැනි කාර්යයකට අවශ්‍ය විශේෂඥ දැනුම අප රටේ නොමැති වීමට ඉඩ ඇති නිසාත්, උපදේශකවරුන් ලෙස සම්බන්ධ වන පුද්ගලයින් විදේශකයින් වීමට ඉඩ ඇති නිසාත්, මීට පෙර නගර නිර්මාණයේදී අප රටේ මීට පෙර භාවිතා නොවු තාක්ෂණය, දැනුම, උපක්‍රම ආදිය මෙම ක්‍රියාදාමයේදී භාවිතා විය හැකි අතර, එය අප රටට දැනුම ගලා ඒමක් ලෙස හැඳින්විය හැක.

මෙම ව්‍යාපෘතියේ වැදගත් හා විශේෂ ලක්ෂණ නම්,

  1. සංවර්ධන යාන්ත්‍රණය ක්‍රියා කරවන්නන් ලෙස පෞද්ගලික අංශයට මේ සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කිරීම.
  2. චන්ද්‍රිකා ඡායා රූප ඇතුළු නවීන තාක්ෂණ ක්‍රම සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට යොදා ගැනීම.

අළුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ මහින්ද චින්තන රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක කෙරෙන 2006 - 2016 දස අවුරුදු නාගරික සංවර්ධන සැලැස්මට අනුකූලව නාගරික යහපාලනය ආයතනගත කිරීම සඳහා නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්යාංශය ඒකාබද්ධව අන්තර් අමාත්‍යාංශ කමිටුවක් සහ ක්‍රියාත්මක කිරීමේ ඒකක 02 ක් පිහිටුවීමට යෝජනා විය. එය ක්‍රියාවට නන්වමින් අමාත්‍යාංශ 02 එක්ව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන අතර එහි පරමාර්ථ වනුයේ නාගරික සංවර්ධනය විධිමත්ව සැළසුම් කිරීම සඳහා පළාත් පාලන ආයතන තුළ නාගරික යහ පාලනය ආයතනගත කිරීම නාගරික දුප්පත්කම අවම කිරීමට කටයුතු කිරීම සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීම සහ එමගින් ජාතික වශයෙන් රට තුළ තිරසාර සංවර්ධනයක් ලඟාකරගැනීමයි. මේ සඳහා ජාතික මට්ටම්න් අවශ්‍ය ආයතනික යාන්ත්‍රණය ක්‍රිකාරී සැළසුම හා සම්බන්ධිත ජාලය සකස් කිරීම හා අවශ්‍ය තාක්ෂනික හැකියා ප්‍රවර්ධනය කිරීම මෙමගින් සිදුකෙරේ. තවද පළාත් සභා මට්ටම්න් එම යාන්ත්‍රණය පළාත් පාලන ආයතන හා සම්බන්ධ කොට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම පළාත් පාලන ආයතනයන්හි තාක්ෂනික හැකියාව ශක්තිමත් කිරීම සවිබල ගැන්වීම සිදුකිරීමට අපේක්ෂා කෙරේ. මෙ‍ම අරමුණු ඉටුකරගැනීම සඳහා නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය එක්ව ඉදිරිපත්කළ සංදේශයට අනුව අමාත්‍යමණ්ඩල තීරණය ක්‍රියාවට නන්වමින් ශ්‍රී ලංකාවේ නාගරීකරණය විධිමත් කිරීමේ සහයෝගිතා වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. මෙය මහ දඹුල්ල සංවර්ධන ප්‍රදේශය ආශ්‍රිතව දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතී. මෙම වැඩසටහන සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබනුයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන විසිනි.