මාලිගාවිල

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශසයට අයත් ඔක්කම්පිටිය මාළිගාවිල ග‍‍‍මෙහි පිහිටා ඇත. ‍‍‍‍කොළඹ ‍මොණරාගල ප්‍රධාන මාර්ග‍‍යේ 154 වැනි සැතපුම් කණුව අසළ කුඹුක්කන හන්දි‍‍‍යෙන් දකුණට ඇති මාර්ග‍‍යේ සැතපුම් 08 ක් පමණ ගියවිට ‍මෙම ස්ථානය හමු ‍‍‍‍වේ.

ක්‍රි.ව.6 වන සියව‍‍සේ සිට 08 වන සියවස දක්වා කාලයට අයත් යැයි සැල‍‍‍‍‍‍‍‍‍‍‍‍කෙන අක්කර 300 ක පමණ වපසරියකින් යුත් මාළිගාවිල පුදබි‍‍‍‍‍මෙහි පිළිම ‍‍ගෙයක නටබුන් සහ ආරාම සංකීර්ණයක නටබුන් දක්නට ලැ‍‍‍බේ පුරාවිද්‍යාඥයින්‍‍ගේ අදහස අනුව වංශකතාවල සඳහන් ‘අරියකර විහාරය’ ‍‍‍‍‍ලෙස ‍මෙය සැල‍කේ. චුලවංශයට අනුව ක්‍රි.ව.667-683 රජ කළ අග්ගබෝධි රජු විසින් රූහුණු ර‍ටේ කණගාම‍‍‍යෙහි අන්ධයින් හා ගිලනුන් ‍උ‍‍දෙසා ‍‍රෝහලක් සහ ප්‍රතිමා ගෘහයක් කළ අතර එය මෙම ස්ථානය ‍‍‍‍ලෙස විශ්වාස ‍‍කෙ‍රේ.

නටබුන්ව ඇති පිළිම ‍‍‍‍ගෙය ‍‍ගෙඩි ගෙයක් ‍‍‍ලෙස නිමවා ති‍‍‍බෙන්නට ඇති බවත්, ප්‍රදක්ෂිණා පථයක් තිබුණු බවත්, හමුවන සාධක අනුව පැහැදිලි ‍වේ. ක්‍රි.ව7-8 සියවසට අයත් යැයි සැල‍‍‍‍‍‍කෙන බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 37 අඟල් 10 ක් ‍‍වේ. සමභංග හිටි ඉරියව්‍‍‍‍‍‍‍වෙන් යුත් ප්‍රතිමා‍‍‍‍වෙන් අභය මුද්‍රාව නිරූපිතය. ප්‍රතිමා ගෘහය ඉදිරිපිට වු සඳකඩ පහණ සුවි‍ශේෂී නිර්මාණයකි.