සිගිරිය

සිගිරිය පළමුවන කාශ්‍යප රජු විසින් කි‍්‍ර.ව. 5 වන සියවසේදී ඉදිකරන ලද නිර්මාණයකි. 1982 දී ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති සීගිරිය, ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හදුන්වාදිය හැකිය.

පුරාවිද්‍යාඥයින් විසින් මුල්කාලීනව සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් හඳුනාගෙන තිබේ. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ වලට අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඓතිහාසික අවධි 08 ක් හදුනා ගෙන තිබේ. එනම්,

  • ආදි ආරාමික අවදිය - ක්‍රි.පු. 3/2 වන සියවස්හි සිට ක්‍රි.ව. 1 සියවස දක්වා, සීගිරි පර්වතය පාමුල වු කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතු කොට පිදු බව දැක්වෙන බ්‍රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය.
  • අවධිය පුර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස දක්වා මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය.
  • අවධිය - කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495
  • අවධිය - පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වු පසු ආරාමික යුගය
  • පශ්චාත් කාශ්‍යප යුගය
  • අවධිය - අත්හැරීම් යුගය - ක්‍රි.ව. 13-17 සියවස් දක්වා
  • අවධිය නුවර යුගය - 17-19 සියවස
  • අවධිය - නූතන පුනරුදය - 1830 ගණන්වල සිට 70 දශකය දක්වා

සංකීර්ණ කොටස් කිහිපයකි

  • සීගිරි පර්වතය හා ඒ මත ඇති මාළිගාව
  • ඇතුළු නුවර හා මාලක
  • ජල උද්‍යානය, උයන්, දිය අඟල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය
  • දිය අගල හා පවුර සහිත නැගෙනහිර භූමි භාගය

ඉහත කී අලංකාර ඉදිකිරීම් වලට අමතරව සිීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්වී ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වු කුරුටු ගී නිසාය.