මුල් පිටුව අභිලේඛන හා නාණක විද්‍යා

අභිලේඛන හා නාණක විද්‍යා අංශය

අභිලේඛන විශාල ප්‍රමාණයක් සහ අතීතයේ දී සංසරණය වු විවිධ වර්ගයේ කාසි ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල විසිර පවතී. විවිධ ඓතිහාසික සන්සිද්ධි පිළිබඳව නිවැරදිව කියැවෙන මෙම ලේඛන හා කාසිවලින් ශ්‍රී ලාංකේය ඉතිහාසය ගොඩනැගීම සඳහා ලැබෙන පිටිවහල ප්‍රසංශනීයයි.

අතීත ජීව ගුණයෙන් පරිපූර්ණ වූ මෙම සාධක සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ නෛතික අයිතිය හිමිව ඇත්තේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයටයි. එම උරුමයන් තුළ සැඟව ඇති අතීතයේ සිදු වු යම් යම් සිදුවීම් හා ක්‍රියාකාරකම් මගින් වඩාත් තාර්කික වූත් ඉතිහාසයක් ගොඩනැගිය හැකි බව ජනතාව දැනුවත් කරමින් ඒවා ආරක්‍ෂා කර ඉදිරි පරපුරට උරුමකර දීමේ වගකීම අභිලේඛන හා නාණක විද්‍යා අංශය සතු වේ.

ශ්‍රි ලාංකීය අනාගත පරපුරට අභිලේඛන හා නාණකවිද්‍යාත්මක උරුමය දායාද කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන අංශයේ ඉදිරි දැක්ම, මෙහෙවර හා කාර්ය භාරය සකස් වී ඇත.

කාර්ය භාරය

  • සියලූ ම අභිලේඛන හා කාසි හඳුනා ගැනීම සහ ලේඛන ගත කිරීම.
  • අභිලේඛන ස්පර්ශ ලාංඡන ගැනීම.
  • රැස්කරන ලද ක්ෂේත්‍ර දත්ත සහ ස්පර්ශ ලාංඡන ආරක්‍ෂා කිරීම හා පවත්වාගෙන යාම.
  • අභිලේඛන කියවීම.
  • පර්යේෂණ කිරීම.
  • පර්යේෂණ ප්‍රථිඵල ප්‍රකාශයට අවශ්‍ය මූලික කටයුතු සකස් කිරීම.
  • අභිලේඛන ආරක්‍ෂා කිරීම සඳහා අදාළ අංශවලට නිර්දේශ ඉදිරිපත් කිරීම හා අවශ්‍යය දත්ත සැපයීම.

ව්‍යාපෘති

  • අභිලේඛන හා නාණකවිද්‍යා අංශය මගින් විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරයි
  • ශ්‍රී ලංකාවේ ශිලාලේඛන දිස්ත්‍රික්ක මට්ටමින් සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
  • ඓතිහාසික අභිලේඛන වාර්තාගත කිරීමේ ව්‍යාපෘතිය
  • කාසි සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
  • ශිලාලේඛන ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපෘතිය
  • ශිලාලේඛන පරිවර්තන නාම පුවරු සකස් කිරීමේ ව්‍යාපෘතිය
  • ශිලාලේඛන පිටපත් හා ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය

තොරතුරු දැනුම් දීම

දුරකතන අංකය - 0112 - 2695609
ලිපිනය - අභිලේඛන හා නාණක විද්‍යා අංශය
ශ්‍රිමත් මාකස් ප්‍රනාන්දු මාවත,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ 07.

අභිලේඛන

ඕනෑ ම මතුපිටක් මත ලියන ලද පැරණි ලේඛන හෝ සංකේත අභිලේඛන නම් වේ. ලාංකිකයා බොහෝ විට අක්‍ෂර ලිවීම සඳහා යොදා ගත්තේ ගල්තලයයි. මීට අමතරව මැටි, කඩදාසි, ලී, සහ රන්, රිදී, තඹ ආදි ලෝහ වර්ග ද ලේඛන මාධ්‍ය වශයෙන් භාවිතයට ගෙන ඇත.

  1. පූර්ව බ්‍රාහ්මී
  2. අපර බ්‍රාහ්මී
  3. පරිවර්තිත බ්‍රාහ්මී
  4. මධ්‍යකාලීන සිංහල
  5. නූතන සිංහල

යන අක්‍ෂර විද්‍යාත්මක අවධිවලට මේ අභිලේඛන අයත් වේ. මෙයට අමතර ව දෙමළ, චීන, අරාබි, පර්සියන්, සංස්කෘත, පාලි ආදී භාෂාවලින් ලියු ලිපි ද වේ. අතීතයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ විදේශීය බලපෑම්වල ප්‍රබලත්වය මෙම ලිපිවලින් මනාව පැහැදිලි වෙයි.

ශිලාලේඛන ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ අක්ෂර විකාශය

 

අභිලේඛන බොහෝමයක සඳහන් වනුයේ රජවරු හා මහජනතාව විසින් බෞද්ධ විහාරාරාමවලට සහ සංඝයාට කරන ලද ප්‍රදානයන් පිළිබඳවයි. එසේ ම පැරණි ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික, දේශපාලනික හා සමාජීය තත්තවය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අභිලේඛන වලින් සැපයෙන දායකත්වය ප්‍රශංසනීයයි.

ශ්‍රී ලංකාවේ පැරණි කාසි

අතීත මුතුන්මිත්තන්ගේ සවිමත් දෑතින් නිමවුණු පැරණි දාගැබ්, පෙති පිළිම, වැව් අමුණු වැනි නිර්මාණ අපේ ඉතිහාසයේ විවිධ මංසලකුණු ලොවට හෙළි කරයි. මහා පරිමාණ නිර්මාණාත්මක අංගවලට අනුගත වෙමින් නිමැවුණු කුඩා කාසි ද අපේ උරුමය පිළිබඳ ව කීමට හැකි තරම් විශිෂ්ඨ තත්ත්වයේ ඒවා ය. පුරාවිද්‍යා පර්යේෂණ තුළින් අනාවරණය කර ගන්නා පැරැන්නන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා පොළොව යට සැඟවුණු කාසි මගින් පුරාණයේ පැවති කාසි නාමාවලී ගතකිරීමට මෙන් ම ඉතිහාසය අර්ථ දැක්වීම සඳහා ද සපයන දායකත්වය අතිමහත් ය.

අපේ රටේ පැවති මේ ප්‍රාථමික ගනුදෙනු පිළිබඳ පැරණිතම සාධක හමුවන්නේ මෙසොලිතික ජන සමාජය තුළින් ය.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ කාසි භාවිතයේ ප්‍රභවය සිදු විය. මෙම කාසි නිෂ්පාදනය ක්‍රමානුකූල සැලැස්මකට අනුගත වූ බව රූපදක (කාසි අධ්‍යක්‍ෂ), රූපවාපර (කාසි අනුමතකරන්නා) ආදි කාසි නිෂ්පාදනයට අදාළ තනතුරු නාමයන් ලෙන් ලිපිවල සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාවේ කාසි සංසරණය පිළිබඳ ව දැනට සොයා ගෙන ඇති පැරණිතම ලිඛිත සඳහන හමු වන්නේ ද මේ ලෙන්  ලිපි ආශ්‍රයෙනි.

ලාංකිකයන් දේශීය මෙන් ම විදේශීය වෙළෙඳාමට අවතීර්ණවීම කාසි සංසරණයේ ආරම්භයට හා වර්ධනයට බලපෑ ප්‍රබල සාධකයක් විය. අතීතයේ භාවිත කාසි මගින් සමකාලීන සමාජීය තොරතුරු රැසක් ද අනාවරණය කර ගත හැකි ය. පුරාණ ශ්‍රී ලංකාවේ පැවති කාසි වර්ග කිහිපයක් මේ වන විටත් භාවිත කාලරාමුවක් අනුව දේශීය හා විදේශීය කාසි යනුවෙන් වෙන වෙන ම හඳුනාගෙන පෙළගස්වා තිබේ.

දේශීය කාසි

ලෝහ නිෂ්පාදනයත් සමඟ හුවමාරු මාධ්‍ය ලෙස විවිධ හැඩතලවලින් යුත් ලෝහ කැබලි භාවිත කරන්නට යොමු වී තිබේ. පසුව ක්‍රමවත් හැඩයකින් යුතුව කාසි බිහි විය.

  • හස් එබූ කාසි
  • ස්වස්තික කාසි
  • ඇතා සහ ස්වස්තික කාසිය
  • ගස සහ ස්වස්තික කාසිය
  • සිංහයා සහ ස්වස්තික කාසිය
  • සිංහ කාසි
  • වෘෂභ කාසි
  • ලක්‍ෂ්මි කාසි
  • රන් කහවණුව හා අනුකොටස්
  • මධ්‍යකාලින තඹ මස්ස කාසි
  • යාපනයේ සේතු කාසි
  • මස්ස කාසි
  • පනම
  • අඟුටු මස්ස / කොකු කාසිය

විදේශීය කාසි

ශ්‍රී ලංකාව අතීතයේ පටන් ම පෙරපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විය. වෙළඳ කටයුතු මෙන් ම රාජ්‍යතාන්ත්‍රීක සබඳතා, සංචාරක කටයුතු හා අධිරාජ්‍යවාදී ආක්‍රමණ මත ශ්‍රී ලංකාව නිරන්තරයෙන් විදේශීය බලපෑමට ලක්විය. ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් හමුවන කාසිවලින් මේ බව තහවුරු වේ.

  • රෝම
  • සොළි - පාණ්ඩ්‍ය කාසි (චෝළ - පල්ලව)
  • චීන
  • අරාබි
  • පගෝදි
  • පෘතුගිසී
  • ලන්දේසි
  • ඉංග්‍රීසි

හස් එබූ කහාපණ

ශ්‍රී ලංකාවේ භාවිත වූ පැරණි ම කාසිය ලෙස හස් එබූ කහපණ හඳුනා ගත හැකි ය. මෙම කාසි තඹ හා රීදී ලෝහයෙන් නිෂ්පාදිත අතර ආරම්භයේ දී යකඩ පතුරු භාවිත කර අවශ්‍ය ප්‍රමාණයට කපා සකස් කර ඇත. පසුව වෘත්තාකාර, ඕවලාකාර සහ චතුරස්‍රාකාර ආදී හැඩවලින් අච්චු නිර්මාණය කර බර සමාන කර ගෙන තිබේ. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 1-1.5 ත් පමණ වන අතර බර ග්‍රේන්ස් 45 ක් පමණ වේ. අභිමුඛයේ බොහෝ සංකේත දැකිය හැකි ය. ක්‍රිස්තු පූර්ව 3 සිට ක්‍රිස්තු වර්ෂ 1 සියවස දක්වා භාවිත වී ඇත.

භිමුඛය ප්‍රතිමුඛය

මෙම කාසි ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 2-2.5 ත් පමණ වන අතර බර ග්‍රේන්ස් 250 ක් වේ. ප්‍රතිමුඛයේ ස්වස්තික සංකේත දක්නට ලැබීම විශේෂ වේ. ක්‍රිස්තු පූර්ව 2 සිට ක්‍රිස්තු වර්ෂ 4 සියවසට පමණ දක්වා භාවිත කරන්නට ඇත.

කේෂර සහිත සිංහ රුවක් අභිමුඛයේ ඇති අතර ප්‍රතිමුඛයේ ඉතා කුඩා තිත් තුනක් හෝ හතරක් දක්නට ලැබේ. මෙහි වටිනාකම තිත්වලින් දක්වා ඇති බව අනුමාන කළ හැකි ය. තඹ ලෝහයෙන් නිර්මිත මෙම කාසිය සෙන්ටිමීටර් 1-1.5 ත් අතර වේ. ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වල භාවිත විය.

තඹ ලෝහයෙන් නිෂ්පාදිතය

ලක්‍ෂ්මී දෙවඟන හා ඇතුන් දෙදෙනා ඇති ගජ ලක්‍ෂ්මී කාසි ශ්‍රී ලංකාවෙන් හමු වේ. මෙම කාසි ක්‍රිස්තු පූර්ව 1 සිට ක්‍රිස්තු වර්ෂ 4 දක්වා භාවිත වී ඇත.

භිමුඛය
(ලක්‍ෂ්මී දේවියගේ රූපය)
ප්‍රතිමුඛය
(ස්වස්තික සංකේත)

තඹ ලෝහයෙන් නිෂ්පාදිත මෙම කාසියේ අභිමුඛයේ වෘෂභ සංකේතයක් වේ. සෙන්ටිමීටර් 1-1.5 ත් අතර වේ. ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වල භාවිත විය.

රන් ලෝහයෙන් හා රන් ආලේපිතව නිපදවා ඇති අතර එහි අනු කොටස් කිහිපයකින් යුත්ත වේ. කහවනුව, අඩකහවනුව, දෙඅක හා අක වශයෙනි.

අභිමුඛය - ධනයට අධිපති කුවේර රුව
ප්‍රතිමුඛය - සංඛ හා පද්ම නිධි රුව හා නාගරී අක්‍ෂර කිහිපයක් වෙයි.
විෂ්කම්භය - සෙන්ටිමීටර් 1-1.5 ත් අතර වේ.
භිමුඛය ප්‍රතිමුඛය

පොලොන්නරු යුගය ආරම්භයේ සිට දඹදෙණි යුගය දක්වා භාවිත කරන ලද කාසි මධ්‍යකාලීන කාසි (දඹදෙණි) ලෙස හඳුන්වනු ලබයි. රජරට රාජධානිය ක්‍රිස්තු වර්ෂ 11 වන ශතවර්ෂයේ දී චෝලයන් අතට පත්වීමෙන් පසුව චෝල පාලකයන් අනුරාධපුර රාජධානි කාලය තුළ භාවිත කරන ලද රන් කහවනුව අනුකරණය කරමින් රළු නිමාවකින් යුතුව තඹ කාසි නිපදවා ඇත. මෙම කාසි නිකුත් කරන ලද පාලකයන්ගේ නම් කාසිවල සටහන් කර ඇත.

භිමුඛය ප්‍රතිමුඛය

මහනුවර අවධියේ දි භාවිත වූ කාසි වර්ගයකි. (1454-1506)

අභිමුඛය - දිග ඉරි දෙකකින් හා හරහට ගසන ලද ඉරකින් ද සමන්විත වේ.
ප්‍රතිමුඛය - වක්ව නැමි ගිය ඉරි කිහිපයකින් හා බිංදු කිහිපයකින් යුක්ත වේ.
භිමුඛය ප්‍රතිමුඛය

කෝට්ටේ අවධියේ දී භාවිතයට ගෙන ඇත.

අභිමුඛය - හිඳි ඉරියව්වෙන් යුත් රූපයක් ඇති අතර එම රූපයට ඉදිරිපස සිංහ රූපයක් වේ.
ප්‍රතිමුඛය - හිඳි ඉරියව්වෙන් යුත් රූපයක් සහිත නාගරි අක්‍ෂරයෙන් ශී‍්‍ර පරාක‍්‍රම බාහු යනුවෙන් ලියා ඇත.
භිමුඛය ඉංග‍්‍රිසිප්‍රතිමුඛය

කෝට්ටේ හා මහනුවර අවධිවල මෙම කාසිය භාවිතයට ගෙන ඇති අතර රිදියෙන් නිමවා ඇත. වක්‍රාකාරයට නිමවා ඇත. (කොක්කක ආකාරයට)

රන් හා තඹ ලෝහයෙන් නිපදවා ඇත. ක්‍රි.ව. 4-5 සියවස්වල භාවිත කරන ලදි.

අභිමුඛය - රෝම අධිරාජ්‍යයාගේ රූපය වේ
ප්‍රතිමුඛය - හෙල්ලක් අතින් ගත් අධිරාජ්‍යයාගේ රූපය වේ

තඹ මෙන් ම රිදී ලෝහයෙන් නිපදවා ඇත. (ක්‍රි.ව. 985-1012)

අභිමුඛය - හිඳි ඉරියව්වෙන් යුත් රූපයක් වේ.
ප්‍රතිමුඛය - හිඳි ඉරියව්වෙන් යුත් රූපයක් දැක්වෙන අතර එම රූපයේ වම් පසින් අර්ධ නාගරී අක්‍ෂරයෙන් ශ්‍රී රාජ රාජ යනුවෙන් ලියා ඇත.
භිමුඛය ප්‍රතිමුඛය

රන් ලෝහයෙන් නිපදවා ඇති මෙම කාසිය කි‍්‍රස්තු වර්ෂ 12-14 සියවස්වල භාවිතයට ගෙන ඇත. වර්ග ගණනාවක් ඇත.

අභිමුඛය - හිස් අවකාශය තුළ තාරකාවක් දක්නට ලැබේ.
ප්‍රතිමුඛය - කුඩා ප්‍රමාණයේ බිංදු විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ.

තඹ ලෝහයෙන් නිෂ්පාදිත මෙම කාසියේ ප්‍රධාන වර්ග තුනක් දක්නට ලැබේ. ක්‍රිස්තු වර්ෂ 1505 - 1658 අතර කාලය තුළ භාවිතයට ගෙන ඇත.

අභිමුඛය - පෘතුගීසි රාජ්‍ය ලාංඡනය දක්නට ලැබේ.
ප්‍රතිමුඛය -

කොළඹ පාලන ප්‍රදේශයට විශේෂිත වූ ගිනි මැස්ස සටහන දක්නට ලැබේ.

ක්‍රිස්තු වර්ෂ 1640 - 1796 කාලය තුළ භාවිතයට ගෙන ඇති මෙම කාසිය තඹ මිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදනය කර ඇත. කාසි වර්ග හතරක් හඳුනාගෙන තිබේ.

අභිමුඛය - බැඳි අකුරු දක්නට ලැබෙන අතර එම සංයුක්තාක්ෂරවලට ඉහළින් ඉංග්‍රීසි G අකුර ද පහළින් 2 ඉලක්කම යන අකුර යොදා ඇත.
ප්‍රතිමුඛය - වර්ෂ සටහන් කර ඇති අතර කාසියේ වටිනාකම හැදින්වීම සඳහා ඉ අක්ෂරය දක්නට ලැබේ.

තඔ රිදි ආදි ලෝහවලින් නිපදවා ඇත. ක්‍රිස්තු වර්ෂ 1796 - 1801 දක්වා කාලය තුළ විවිධ වර්ග හතරක් පමණ භාවිතයට ගෙන ඇත.

අභිමුඛය - Ceylon Government යනුවෙන් සඳහන් කර ඇති අතර මැද 48 ඉලක්කම දක්වා ඇත.
ප්‍රතිමුඛය - ඇත් රූපයක් දක්නට ඇති අතර පහළින් වර්ෂය සඳහන් කර ඇත.

තඹ හා තඹ බහුල මිශ්‍ර ලෝහයෙන් එක් එක් යුගවල දී විවිධ ප්‍රමාණයේ කාසි එම අධිරාජයාගේ නම යොදා නිෂ්පාදනය කර ඇත.

අභිමුඛය - වෘත්තාකාර කාසිය මැද සමචතුරස්‍රාකාර කොටුවකි. එම කොටුවේ පැති හතරින් චින රූප අක්ෂරයෙන් අධිරාජ්‍යාගේ නම සඳහන් කර ඇත.
ප්‍රතිමුඛය - කිසිදු රූප සටහනක් අක්ෂර හැඩයක් දක්නට නො ලැබේ.
අභිමුඛය ප්‍රතිමුඛය

තඹ, රිදි ආදි ලෝහයෙන් මෙම කාසි නිෂ්පාදනය කර ඇත.

අභිමුඛය - අභිධාන පාඨයන් දක්නට ලැබෙන අතර එය අරාබි භාෂාවෙන් ලියා දක්වා ඇත.
ප්‍රතිමුඛය - කාසි නිපදවන ලද වර්ෂය අරාබි ඉලක්කමෙන් සටහන් කර ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2013 දෙසැම්බර් 08 වෙනි ඉරිදා, 05:23