මුල් පිටුව පොදුසේවා

නීති අංශය

හැඳින්වීම

පුරාවස්තු ආඥාපනත සහ ඊට ආනුශංගික පනත් උපයෝගී කරගනිමින් පුරාවස්තු ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ එම පනත්වල සඳහන් ප‍්‍රතිපාදන උල්ලංඝනය  කරනු ලබන පුද්ගලයන්ට අධිකරණය මගින් දඩුවම් ලබාදීමට කටයුතු කිරීම.

පුරාවස්තු ආරක්ෂා කරගැනීමේ කාර්යයේ දී යොදා ගනු ලබන පනත්

  1. 1940 අංක 09 දරණ පුරාවස්තු පනත
  2. 1998 අංක 24 දරණ පුරාවස්තු( සංශෝධ පනත)
  3. 2005 අංක 12 දරණ දඩමුදල් වැඩි කිරීමේ (සංශෝධන පනත)
  4. 1979 අංක 07 දරණ රජයේ (සන්තකය ආපසු ලබාගැනීමේ පනත)

අංශයේ මූලික ව්‍යුහය

නීති අංශයේ කාර්යය භාරය

  • පුරාවස්තු ආඥා පනත උල්ලංගනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අධිකරණය ඉදිරියට පමුණුවා අධිකරණයේ පෙනී සිට වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට කටයුතු කිරීම.
  • කලින් කල පුරාවස්තු ආඥාපනත සංශෝධනය කිරීම.
  • පොලිස් දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීම.
  • දෙපාර්තමේන්තුව තුළ සිටින සේවකයන්ගේ විෂමාචාරයන් සම්බන්ධව මූලික විමර්ශන පැවැත්වීම, චෝදනා පත්‍ර සැකසීම, විනය පරීක්ෂණවලදී ඒකපුද්ගල විනිශ්චය සභාව ඉදිරියේ පැමිණිලි මෙහෙයවීම.
  • පුරාවිද්‍යා තෑගි අරමුදල මගින් අදාළ නිලධාරීන්ට සහ පුද්ගලයන්ට අදාළ ත්‍යාග ලබාදීමට කටයුතු කිරීම.

නීති අංශයෙන් 2010 වසරේ ඉටුකරනු ලැබූ කාර්යයන්

2010 වසරේ දී පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම පිළිබද ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම්වලට අදාළ ව සිද්ධි 342 ක් පමණ වාර්තා වූ අතර, එකී නඩුවලට අදාළ ව නඩු කටයුතු 171 ක් සඳහා අධිකරණය මගින් දඩුවම් ලබාදීමට කටයුතු කළ අතර, ඉන් රුපියල් මිලියන දහයකට අධික මුදලක් වැරදිකරුවන්ගෙන් දඩ මුදල් ලෙස රජයට අයකර දී ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 08:23