මුල් පිටුව

කළු දිය පොකුණ

දඹුල්ල ප්‍රා‍‍දේශීය ලේකම් කොට්ඨාසයේ සීගිරියට කි.මී. 8ක් පමණ දුරින් පිහිටි කුඹුක්කඳන්වල ආසන්නයේ මෙම ස්ථානය පිහිටා ඇත. වනගත ප්‍රදේශයක පිහිටා ඇති මෙම ස්ථානයේ ඇති 9 වන සියවසට අයත් සෙල්ලිපියක් මගින් මෙම විහාරය දක්ඛින ගිරි විහාරය ලෙස හඳුන්වනු ‍ලබයි. මහා වංසයට අනුව මෙම විහාරය සද්ධාතිස්ස රජු (137 - 119) ඉදිකර ඇත. අග්ගබෝධි (578 - 612) මෙය වැඩිදියුණු කර ඇති අතර උපෝසතාඝරයක් ඉදිකර ඇත. මෙහි සෙල්ලිපි ගණනාවක් හා ලෙන්ලිපි සහිත කටාරම් කොටන ලද ලෙන් කිහිපයක්ද දාගැබක්, ගල්කණු හා සංඝාවාසයක් ද විහාරයක නටඹුන් ගණනාවක් ද දැකිය හැකි අතර මදක් දුරින් කළු දිය ඇති පොකුණක් ඇති අතර මෙම විහාරය එම නමින් හඳුන්වනු ලබයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:55