මුල් පිටුව අප ගැන

මුහුදු මහා විහාරය

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් ගමේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළේ පිහිටා තිබේ. මුහුදු රැළ මගින් වැලි කඳු ගොඩ ගැසීම නිසා මෙම ස්ථානයේ ඇති බොහෝ පුරාවස්තු වැල්ලෙන් යට වී ඇති බව පෙනේ. වෙරළේ උස් බෑවුම් කොටසේ දාගැබක ශේෂයන් ද දාගැබට බටහිරින් ගල් කණු සහිත ගොඩනැගිල්ලක ශේෂයන් ද දැකිය හැකි ය. එහි හුණු ගලෙන් නෙළන ලද හිස නැති හිටි බුදු පිළිමයක් තිබේ. මෙය පිළිමගෙයක් ලෙස සැලකේ. මීට දකුණෙන් ගොඩනැල්ලක අවශේෂයන් ද දැකිය හැකි ය.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 02 වෙනි සදුදා, 03:45