Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව නාගරික ජනාවාස

නාගරික නිවාස හා ජනාවාස

නාගරික නිවාස හා ජනාවාස
පසුගිය දශක කිහිපය තුලදී, සැලසුම් රහිත නාගරිකරණය හේතුවෙන්, නාගරික ප්‍රදේශ වල පිහිටි නාගරික වරප්‍රසාද අහිමි ජනාවාස වල ජනයාගේ ජීවන මට්ටම පහත්ම තත්ත්වයට වැටී ඇත. මෙය විශේෂයෙන්ම සිදුවී ඇත්තේ කොළඹ පුරවරයේය. වඩා හොඳ රැකියා හා ‍සේවා ඉඩප්‍රස්ථා සොයාගැනීම සඳහා ගැමි ජනතාව නගර කරා ගලා යෑමත් සමඟ, නාගරික පැල්පත් හා මුඩුක්කු බහුල වී ඇත.

නාගරික සංවර්ධනන සහ පූජාභුමි සංවර්ධන අමාත්‍යංශයේ අරමුණ වනු‍යේ, නාගරික දිළිදු ජනතාවගෙ පාරිසරික හා සමාජයීය ප්‍රශ්න හඳුනා ගෙන සහකාරීව, ප්‍රතිලාභී ප්‍රජාවන්ගේ සහභාගීත්වය ඇතිව නාගරික ජනාවාස වල සංවර්ධනයේ මැදහත් වී, නිරෝගී, ප්‍රසන්න හා පරිසරශීලී ජනාවාස ඇතිකිරීමය.

අමාත්‍යාං‍ශයේ උත්සාහය වනුයේ තිරසාර නිවාස වැඩසටහන් මඟින් නාගරික වරප්‍රසාද අහිමි දිළිදු ප්‍රජාවන්ට පැල්පත් හා මුඩුක්කු වෙනුවට නිවාස පහසුකම් ලබාදිමය.
මෙය ඉහල ආදායම් සහිත ‍කොටස් සඳහා වූ වානිජමය නිවාස සංවර්ධන ව්‍යාපෘති හා - බදු අයකිරීම මඟින් හෝ සහසංවර්ධනය මඟින් හෝ - සංජෛවී ලෙසය.

තිරසර පුරවර වැඩසටහන
රජය විසින්, සහනාධාර ලබාදීම හා මූල්‍යමය වැයකිරීම සඳහා වූ අවශ්‍යතාවයෙන් නිදහස් වී, වෙළඳපලේ යාන්ත්‍රනයත් පුද්ගලික අංශයත් යොදා, තම අරමුණු ඉෂ්ඨ කරගැනීම වස් තිරසර පුරවර වැඩසටහන අරඹන ලදී. මෙයින්, නාගරික වරප්‍රලසාද අහිමි දිළිදු ප්‍රජාවන් විසින් අත්පත් කරගන්නා ලද කුඩා කොටස් වලට කැඩීගිය ඉඩම් එක්කාසුකොට ප්‍රතිසංවර්ධානය කිරීම සඳහා පුද්ගලික මූලධනය භාවිතා වේ. මෙයින්, පැල්පත් හා මුඩුක්කු ඉවත් කොට ඒවායේ විසූ ජනයාට නිවාස ලබාදී නාගරික නිර්මාණකරුවන්ට අනාගත සැළසුම් තැනීම සඳහා අවකාශය හිමිවේ.


මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ තනි වගකීම භාරවී ඇත්තේ සී/ස රියල් එස්ටේට් එන්ස්චේන්ජ් (පුද්ගලික) හෙවත් රීල් නැමැති (Real Estate Exchange (Private) Limited (REEL)) ආයතනයටය.

කුසුම් නිවාස
“අරුණෝදය කුසුම් නිවාස” වැඩසටහන ගරු නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධවන මැතිතුමා විසින් වසර 2007 සැප්තැම්බර් 01 ආරම්භ කරන ලදී. මෙය, නාගරික වරප්‍රසාද අහිමි දිළිදු ප්‍රජාවන්ට නිවාස පහසුකම් ලබාදිම, මහින්ද චින්තන ප්‍රතිපත්තීන්ට අනුකුලවල පූර්ණ විනිවිදභාවයෙන්ද, පුළුල් ප්‍රජාමූල පාශ්‍රවකාර සහභාගිත්වයෙන් යහපාලනයක් ගොඩනගමින් ද, ප්‍රදේශීය පාලන යාන්ත්‍රන ශක්තිමත් කරමින් ද සිදුකෙරනු ලැබේ.


වර්ගරමීටර 500 (වර්ග අඩි 5,000) ක ගොඩනැගිලි බිම් ප්‍රමාණයක් ඉක්මවන සියළු සැලසුම් අනුමැතියේදී ගොඩනැගිල්ලේ ඇස්තමේන්තු මුලු මුදලින් 1% ක සේවා ගාස්තුවක් අයකර, මෙම වැඩසටහන සඳහා මූල්‍යමය සම්පත් උපයාගනු ලැබේ. මෙතෙක්, එම සේවා ගාස්තුවෙන් රුපියල් ලක්ෂ, 5,000 කට ආසන්න මුදලක් ලබාගෙන, මෙම වැඩසටහන සඳහා වැය කර ඇත. වැඩසටහනේ ආරම්භයේ සිට, විවිධ නාගරික ප්‍රදේශයන්හි පැල්පත්, මුඩුක්කු නිවාස සහ කටුමැටි නිවාස වෙනුවට ස්ථීර නිවාස ඉදිකිරීම් 3500 කට අධික ප්‍රමාණයක් ආවරණය කර ඇත.
මෙම වැඩසටහන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරේ.