![]() |
නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යා/න්ශයේ නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන මහගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ ඉදිවන ගාල්ල - දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සමාජ සේවා හා සමාජ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතාගේ ඉල්ලීම මත, නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම හා ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් 2009-09-28 දින ගාල්ල දඩල්ලේදී සිදු විය. | |||
ගාල්ල ප්‍රදේශයට කලක පටන් පැවති අඩු පාඩුවක් සපුරාලමින් මෙම අති නවීන ක්‍රීඩාපිටිය ඉදි කෙරේ. අක්කර 16ක් පුරා ඉදි වන ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු මෙහෙයවීම හා නිර්මාණ උපදේශනය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉටු කරනු ලබන අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව හා ඉංජිනේරු උපදේශන කාර්යාංශය මගින් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. ගාලු දිස්ත්‍රික්කයේ මළල ක්‍රිඩක ක්‍රිඩිකාවන් හට පුහුණු වීම් කටයුතු හා ප්‍රදේශයේ පාසැල් දරුවන්ට අවශ්‍ය, මීටර් 400 නවීන ධාවන පථයකින් සමන්විතව, ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, ක්‍රීඩා මණ්ඩපයක්, ටෙනිස්, දැල් පන්දු, අත් පන්දු සඳහා වෙන් වු ක්රීඩාගාර, රථගාල, ප්රේක්ෂකාගාර, පිහිනුම් තටාක, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිලි ඇතුලත්ව අංගසම්පුර්ණ ක්‍රීඩා පිටියක් ඉදි වේ. රුපියල් මිලියන 450 වියදමින් වසර තුනක් ඇතුලත ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත. |
![]() |
|||